Sunday, June 30, 2019

නුඹේ වූ මගේ කඳුළු


සුසුමක්ව හෙලනු බැරි ලතැවිල්ල
කඳුලක්ව නොගලනා වේදනා
කවියක්ව ඇවිදින් නුඹේ සිත ළඟ
හමා යන ඒ සුසුම්
ගලා යන ඒ කඳුළු.
නුඹේ නොවේ මගේ මැයි.

Friday, July 8, 2016

වරණ


තණ්හා රඟයි රතී හා රඟා සමගින්
නිවී දිලිසෙන බුබුළු අතරින්
කිරුළ මා ලඟය 
අභිසෙක් කරන්නට රැජිනියක්
වසා සුදු රෙද්දකින් බුලත්කොළ හෙප්පුවක්
පෝලිමට එති උත්තරාවෝ
යතුර මා ලඟය
සිරකරන්නට ඉන් එකෙක්
අඩ අඳුරේ මගේ දොර ළඟ
සෙවණැලි සදයි සිරිමා සමග අම්බපාලිය
මුදල මා ලඟය
මිලදී ගන්නට සිතක්
සුදු ඇදන් උත්තරා හා කතුන් සමගින්
මගේ දරුවන් සිටී කුඩුව ලඟ
කඩුව උඹ ලඟය
සිදීන්නට මගේ ගෙල

Saturday, June 18, 2016

භාවනාව



සුදු කොලය මත
වැටුන කළු තිත
විසල් වී
කළු වළාවක් සේ
දකිමි නොදැක ම
එක සුදු තිතක්
 
කළුවර නුඹකුසේ
නිවී දිලිසෙන
බොහෝ තරු මැද
දකිමි එක තරුවක්
නොදක කළුවර බිඳක්
 
ගෙමිදුලේ පිපි වැනෙනා
බොහෝ මල්පොකුරු මැද
දකිමි එක රතු මලක්
නොදැක නෙක වර්ණයන්
 
වේදිකාවේ සමුහය මැද
ගී ගයන නුඹේ හඬ
අසමි නොඇසී
අන් හඬක්
 
ආනා පාන
දහසක් සුසුම් මැද
එක හුස්මක්
ගැන සිතන්නට
වඩමි මම බවුන්
 

Saturday, December 26, 2015

සත්‍යයේ සත්‍යය

සත්‍යයේ සත්‍යය
*****************
නුඹ නොදකින
මා දකින සත්‍යය
නුඹ එලෙසම
මා ගැනද
දකින බව දනිමි.
ඒ බව දත් නුඹට
ගරු කරමි.
නොදත් නුඹ
දිනක එය දකින විට
සතුටුවෙමි.

Wednesday, August 5, 2015

අමතකවුන පරණ ලිපියක් යහ පාලනය සහ මෛත්‍රී පාලනය 2015-01-10-09-42-48

යහ පාලනය සහ මෛත්‍රී පාලනය - රංජිත් වීරසිංහ

මෛත්‍රීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකාවේ විධායක බල සහිත ජනාධිපතිය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තේමා කරගත්තේ  “රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ යන ආකර්ශනීය පාඨයය. සැබවින්ම එය ශ්‍රී ලාංකිකයන් ට ආමන්ත්‍රණය කිරීමට සුදුසු හා ගැලපෙන නිර්මාණයකි. බුදුදහමට අනුව තමන් වෛර නොකරන්නකු බව මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තරයෙන්ම ප්‍රකාශ කලේ ධම්ම පදයේ එන “නහී වේරේන.... ''යන ගාථා පාඨය  උපුටා දක්වමිනි. තමාගේ නම ඡන්දදායකන්ට සිහිපත් කරන අතරම, ඔහුගේ මැතිවරණ පණිවිඩයද ඒ තුලම ගැබ් කළ ‘රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ ජනතා සිත්සතන් තුළ සෙමෙන් කිදාබසිමින් පවතී. දැන් මැතිවරණය අවසන්ය. අප ජනාධිපතිගේ නම මන්ත්‍රයක් මෙන් මැතිරීමට අවශ්‍යතාවයක් තවදුරටත් නැත, සියළු ශ්‍රී ලංකිකයෝ එය දනිති. එහෙත් රටකට ඕනෑ මෛත්‍රී යුගයක් යන්න අමතක වීමට ඉඩ නොහැරිය යුතුය.
ස්වකිය නාමය නිසා උපන් මෙම වචනය බුදුදහමේ එන මෛත්‍රීය යන්නට සීමාකර ඉදිරියේදී රට පාලනය පටුසිමාවකට කොටුකිරිම ට අවස්ථාවාදීන් මාන බලන බවට දැනටමත් ඉගි පහලවෙමින් ඇත. මෛත්‍රී යුගයක් යන්නෙන් අදහස්‌ කලේ කුමක්දැයි දේශපාලන අර්ථයෙන් විග්‍රහ කරගත යුතුව ඇත. මෛත්‍රීපාල සිරිසේන නම් විධායක ජනාධිපතිට, තම තනතුරට අනුව ජනාධිපති කෙනක් වශයෙන් මෛත්‍රීය පෙන්නුම් කල හැකි අවස්ථා මොනවාදැයි සොයා දැනගැනීමට අපට ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව පරිශීලනය කළහැක. ඔහුට හිරකරුවන්ට මෛත්‍රීයපා නිදහස් කළ හැකිය. එහෙත් ඔහුට නීතිපතිට හෝ අධිකරණය ට අණදීමට හැකියැයි කියවෙන වගන්ති අප ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ තිබෙන බවක් දක්නට නැත. ඔහුට හමුදාවට හා පොලිසියට අණදිය හැක. අපරාධකරුවන් නීතියේ රැහැනට අසුකර ගැනීමට මුලික වන්නේ පොලිසියයි. අපරාධකරුවන් හෝ තෝරාගත් අපරාධකරුවන් අසුකරගැනීම සිදුකරන පරීක්ෂණ නවතා දමන්නැයි කියා ජනාධිපතිට පොලිසියට අණකල හැකිද?. එසේ කළ හොත් එය මෛත්‍රී පාලනයක් වේද?
මෙම මැතිවරණයට පෙරාතුවම මාදොළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ බොහෝ මානවහිමිකම් ක්‍රියාධරයන් යහපාලනයක අවශ්‍යතාව ගැන කරුණු ඉස්මතු කරනලදී. යහපාලනය හා මෛත්‍රී පාලනය අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කරණය වු ක්‍රියාවලි දෙකක් නොවී යහපාලනය මෛත්‍රී පාලනය තුලින් අර්ථවත් වියයුතුය. යහපාලනයට මග අවුරණ කිසිම ක්‍රියාවක් මෛත්‍රීයන වචනයට සිමාවි හෝ මුවාවී නොකළ යුතුය.
අද අප රටේ බොහෝ අපරාධකරුවෝ නිදැල්ලේ සිටිති. සමහර අපරාධ සිදුවෙන ආකාරය රුපවාහිනී තිරය තුලින් අපි සජීවීව දුටිමු. උසාවියෙන් වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයන් පොලිසිය සමග ප්‍රසිද්ධියේ  සිටිනු අපි දැක ඇත්තෙමු. මේවා යහපාලනය ඇති රටක දැකිය නොහැකි කරුණුය. අපරාධකරුවන් ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණ වීම යහපාලනයකට මුලපිරිමකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුහුණදෙන මුලික හා බැරෑරුම් අභියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍යය තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමයි. දූෂිත පාලන ක්‍රමයකට පුහුණු කරන ලද බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ට සිය පදවිය නීතියේ සහ සදාචාරයේ සිමා නොතකන ධනය උපයගැනිමට කේවල් කළ හැකි වෙළද භාණ්ඩයකි. මෙවන් මන්ත්‍රීවරුන් සිය ආණ්ඩුවේව්‍යවස්ථා සංශෝධනයට කැමති කර ගැනීමට ගෙවිය යුතු මිල යහ පාලනය විකුණා ලබාගෙන එයට මෛත්‍රී ලේබලය ඇලවිම නොකලයුත්තක් මෙන්ම නොසිදුවිය යුත්තකි .

පෙරමග.....

ආ මග....
දිගය
දුරය
දුෂ්කරය
කටුකය
මිහිරිය
පෙරමග.....
කෙටිය
නොදනිමි වෙන කිසිත්.

Friday, June 20, 2014

නුඹට නැති නුඹ


නුඹ කෙතේ අස්වැදී
නුඹ පැලේ නොඉදෙනා
බත ඉදෙන මැදුර මුල
ඉඳුල් අයදින නුඹ

නුඹ අතේ කරගැට
තලා  සැදු මාවාතේ
ඉගිලෙනා කුලුහරකන්ට
කානුවේ සිට අත වනන නුඹ

කරෙන් ඔසවා ගොසින්
උඩින් තැබූ මහතුඟක් ලඟ
දනින් වැටී ඉහලයන
සිහිනයක නිදියනා නුඹ

නුඹේ සිප් කිරි උරා බිවු
මුසිලගෙ තාලයට
බොරු පද වයන්නට
සිල්ප අමතක කරන නුඹ

මොක්පුරය දැකගන්න
කෝටියක් සිල් පුරා
දෙවුදත්ගෙ බණ අසා 
නිරය ලඟ සිටින නුඹ